2026 වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට පැමිණි සමස්ත විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12ක (මිලියන 1.2) සීමාව වෙත ළඟා වී ඇති බවත් ඉන් උපයා ඇති අදායම ඩොලර් බිලියන 1.5ට වඩා වැඩි බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ පසුගිය වසරවලට සාපේක්ෂව මෙරට සංචාරක කර්මාන්තය වත්මන් වසරේදී ඉතා වේගවත් හා ස්ථාවර වර්ධනයක් අත්කර ගනිමින් සිටින බවයි.
2026 වසර සඳහා රජය අපේක්ෂා කරන මිලියන 2.5ක සමස්ත සංචාරක පැමිණීමේ ඉලක්කය වසර අවසානයට පෙර සාර්ථකව ජය ගැනීමට හැකිවනු ඇතැයිද නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.